Phishing උත්සාහයන් Social Network යුගයේදී බහුල හමුවන්නකි. ඊමේල්, මැසේජ් හා සමාජජාලා හැකියාවන් තුලදී තම ඉලක්කයන් ව්‍යාජයන් ඔස්සේ පොලබාවා ගනිමින් ඔවුනගේ තොරතුරු සොරා ගැනීම මෙහිදී සිදුවේ. ගොදුරුවන්නාහට එකවරම මහත් වාසියක් පෙන්වා දෙමින් පොලබවා ගැනීම කරන අතර ඔහුට හෝ ඇයට කාරනය තේරුම් යන විට තොරතුරු පැහැර ගන්නා තම අභිමතාර්තය ඉ‍ටුකරගෙන අවසාන වීම බොහෝවිට සිදුවන්නයි අමතක නොකලම යුත්ත ඔබගේන් ලබා ගන්නා එක තොරතුරක් ඔස්සේ පැහැරගන්නා ඔබ තුලට පිවිසෙන්නට දොරක් විවෘත කරගන්නට සමත්විය හැකි බවකි. අනෙක් අතින් ඔබ විවෘත කරන පෞද්ගලිකත්වය පිලිබඳව කල්පනාකාරීව සිටීමේ වගකීම ගන්නටකටයුතු කලයුතු වේ. High-Profile මට්ටමේදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ඔබ තොරතුරු වඩාත් සංවේඳී වන බැවිනි. ව්ටක ඔබගේ පෞද්ගලික දුරකථන අංකය අනවශ්‍ය අයෙකුට පත්වීම මහත් විනාසයක් සදහා භාවිතාවකට අවස්ථාවක් විය හැක.
Pubudu Siriwansa