Microsoft සමාගම මේ වන විට Office 2016 හි පලමු පෙර සංස්කරනයක් IT professionals හා developers ඉලක්ක කරගනිමින් නිකුත්කොට තිබෙනවා. ආයතන නිල ලෙසට තම ප්‍රධාන මෘදුකාංග නිකුතුව නිවේදනය කරන්නට පෙර අන්තර්ජාලය වෙතට නොනිලව මෙහි පෙර සංස්කරනයක් නිකුත්වද තිබුනු මුත් මින් අනතුරුව භාවිතාකරන්නෙකුට පහසුවෙන් නව සංස්කරනය අත්හදා බැලීමේ අවස්ථාව හිමි වනු ඇති. වඩාත් නම්‍ය ක්‍රියාකාරීත්වයක් සමග උපාංග අතර සැහැල්ලු භාවිතාවක් ගෙනෙන නව සංස්කරනය වඩාත් ආරක්ශිතබවටද සහය දක්වන ආකාරයේ බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම මෙම සංස්කරනයත් සමග ආයතනය තම Data Loss Protection (DLP) හැකියාව Exchange, Outlook, SharePoint හා OneDrive for Business වල සිට Word, Excel හා PowerPoint දක්වාද පුලුල් කොට තිබෙන බවට පවසනවා. මේ වන විට එම නවසංස්කරනය අත්හදා බලන්නට කැමැත්තක් දක්වන්නන් සදහා ලබා ගැනීමේ හැකියාව පහත දැක්වෙන දිගුව ඔස්සේ හැකි වන අතර ආයතනය වැඩි දුරටත් පවසන්නේ අවසන්ස් අංස්කරනය සමග පැමිනෙන්නට නියමිත සියලුම අංගයන් මෙම සංස්කරනය සමග නොමැති බව අමතක නොකලයුතු බවකි.

http://go.microsoft.com/fwlink/?LinkID=528801