Microsoft වෙතින් පැමිනෙන මෘදුකාංග පෙලෙහි Windows Server වෙතට හිමිවන්නේ ප්‍රධාන තැනකි. මේ දිනවල ආයතනය තුල කාර්යබහුලව නිමවෙමින් ඇති මෘදුකාංග අතර Nano Serverයක් පිලිබදවද තොරතුරු හෙලි වෙමින් පවතිනවා. ආයතනය “nucleus of the next-gen cloud infrastructure and applications” ලෙසට පැහැදිලි කෙරෙන මෙම නිමැවුම ඔවුන්ගේ Hyper-V, Clustering, Core CLR, ASP.Net vNext, PaaSv2 හා තවත් වන තාක්ශනයන් සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම පහසුව සමග management/automation වැනි හැකියාවන් Core PowerShell හා WMI ඔස්සේ ලැබෙන බවටයි ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. මෙම නිකුතුව මීලග Windows Server සමග නොවනු ඇති අතර ඊට පසුව වන නිකුතුවට සංයුත්තව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර ආයතනයේ TAP customers තලයේ අයවලුන්ට මෙම වසරේ ඉදිරිකාලයේ එහි සමහර අංග අත්හදා බලන්නට අවස්ථාවක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.