Apple මේ වන විට තම iPhone, iPad, සහ Macs සදහා වන මෙහෙයුම් පද්ධති වලට major updates එකකට ආසන්නව සිටී. අයතනය නිවේදනය කරන්නේ iOS 16 ට පෙර macOS, iOS, සහ iPadOS සදහා minor update එකක් නිකුත් කර ඇති බවයි. ඒ අනූව Apple ආයතනය macOS 12.5.1, iOS 15.6.1, සහ iPadOS 15.6.1 නමින් හදිස්සි යාවත්කාලීනය නිකුත්කොට ඇති අතර පැහැදිලි කරන්නේ සංක්‍රීය මට්ටමේ ඇති security flaws කිහිපයක් සකසන්නට මෙම නිකුතුව කටයුතු කරන බවයි. ආයතනය පවසනවා kernel මට්ටමේ ගැටළුවක්, WebKit bug වල ගැටළුවක් ඒවා අතර වන අතර භාවිතා කරන්නන් හට උපදෙස් දෙන්නේ හැකි ඉක්මනින් මෙම යාවත්කාලීන වෙතට යාම වැදගත් වනු ඇති බවයි.
Pubudu Siriwansa