Elastic Security Labs තම වාර්ෂික වාර්ථාවකින් පවසන්නේ සමස්ථ malware අතරින් 6.2% පමන macOS ඉලක්ක වන බවකි. ඔවුන් පවසන්නේ windows ඉලක්ක වීම 54.4% හා 39.4% Linux වන බවයි. එසේම ඔවුන් පවසනවා මෙම macOS malware පැතිරීමේහි MacKeeper යන්න ප්‍රමුක බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “keep your Mac clean and safe with zero effort.” ප්‍රචාරක පාඨය යටතේ ගෙනෙන මෙම වැඩ සටහන භාවිතාකරමින් threat actors ලා මෙම කටයුත්තට පිවිස ඇති බවයි. විශේෂයෙන් මෙම මෘදුකාංගයේ ස්වභාවය අනූව ලබා ගන්නාpermissions වපසරිය පුලුල් වීම මෙම භාවිතාව සිදුවීමට ප්‍රධාන හේතුවක් බවට ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා.එසේම මෙම මෘදුකාංගට uninstall කිරීමදී ගැටළුකාරීව හැසිරීම් වැනි නෙන චොදනාද වන බවට පැහැදිලි වෙමින් තිබෙනවා. එසේම පෙර කී වාර්ථාව පවසන්නේ Trojans හානිකර 89% ක් ද Cryptominers 11.3%ක් ද ransomware හානිකර 3.7% ලෙසටද තමන් හට ගනනය වෙමින් ඇති බවයි. හදාරන්නන් පවසන්නේ macOS හොඳින් යාවත්කාලීනව තබා ගැනීමත් ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපිතව තබා ගැනීමත් වැදගත් බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa