LG වෙතින් Mobile World Congress 2015 වලදී නව Android Wear smartwatch එකක නිකුතුවකට සූදානම් වන බවක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. fashion-conscious භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් පැමිනෙන මෙය “luxury මට්ටමේ එකක් වන අතර Plastic OLED (P-OLED) display සමග gold හෝ silver නිමැවුමක් ගෙනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Urbane නිකුතුව 1.3 inch (320×320) display, 1.2 GHz Qualcomm Snapdragon 400 processor,4 GB memory, 512 MB RAM, හා a 410 mAh battery වලින් සමන්විත වන අතර භාවිතාකරන්නාගේ හද ගැස්ම ගනනය කරන්නට සමත් photoplethysmography (PPG) sensor එකකින්ද සමන්විත වනු ඇති බවට විස්තර කෙරෙනවා. එසේ මුත් මෙම නිකුතුව GPS, හා water resistant හැකියාවෙන් යුත්ත නොවන බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් මෙම LG Watch Urbane වල මිළ ගනන් හෙලිව නැත.