Google ආයතනය තම Android 4.4 KitKat සංස්කරණ නිකුතුව සිදුකලේ October 2013 වලදීය. Google නිවේදනය කරන්නේ August 2023 වලින් පසුව එනම් එහි නිකුතුවෙන් දස වසරකට පසුව එම මෙහෙයුම් පද්ධතිය වෙතට සහය දැක්වීම අවසන් කරන්නට තමන් කටයුතු කරන බවයි. Google වැඩි දුරටත් පවසන්නේ තවමත් Android devices අතරින් 1%ක පමන KitKat භාවිතා වෙමින් තිබෙන බවකි. එසේම Play Services ඔස්සේ මේ වෙතට එන apps / services යාවත්කාලීන ද version 23.30.99 වලින් පසුව අවසන් වන්නට නියමිත බවකි. මිට පෙර අවස්තාවකදී 2012 දී නිකුත් කල Jelly Bean මෙහෙයුම් පද්ධ්තිය සදහා සහය අවසන් කරනු ලැබුවේ 2021 දී වන අතර එහිදීද භාවිතය 1% කකට වඩා පහලට පැමින තිබිනි.
Pubudu Siriwansa