Amazon නිවේදනය කරන්නේ ඔවුන් භාවිතාකරන්නන්ගේ අතල මත පදනම් වන payment system එකක් වන Amazon One මුලින්ම US වල 500+ ප්‍රමානයක් Foods Market stores වලට සූදානම් බවයි. 2020 වන විට මුලින්ම මෙම Amazon One නිවේදනය වූ අතර එහිදී සිදුවෙන්නේ භාවිතා කරන්නෙනෙකුට තම payments සදහා biometric scanner device එකක් ඉහලින් තම අත්ල ගෙන ඒම පමනක් වන අතර එය දැනටමත් US වල retail stores, airports, entertainment centers,sports stadiums වැනි ස්ථාන 400 කට ආසන්නව භාවිතා වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරනවා මෙම payment service සදහා Online අකාරයට credit/debit card සමග Amazon account හරහා ද නැතිනම් අදාල Stores හරහාද හැකි බවයි. ඉන් අනතුව Amazon One device ඇති ඔනෑම ස්ථානයකදී cards හෝ Phone නැතිව කල හැකි අතර අමතරව සමහර ස්ථානවලදී age verification වැනි අමතර කටයුතු සදහාද මෙම සේවය සූදානම්ව තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa