Aopple ලාගේ මීලග නිකුතුවක් වන්නට නියමිතව ඇත්තේ iPhone SE 3 ලෙසට බොහෝ හදාරන්නන් අකාවැකි පලකරන්නට පෙලබෙමින් තිබෙනවා. මිළෙන් අඩු මුත් තාක්ෂණයෙන් ඉහල නිකුතුවක් තරගය විසින් ඉල්ලා සිටීම පෙන්වා දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට 5G හැකියාව නව පැමිනීමට සංයුත්ත කරන්නට එම ආයතනයට සිදුවනු ඇති බවයි. Android phone වෙළඳ පොලෙහි මේ වන විට budget smartphones වලටද 5G හැකියාව සංයුත්තව පැමිනීම දක්නට ලැබෙන්නක්. iPhone SE වෙළඳ පොලෙහි ස්ථාවරයක් දිනා ගන්නට නම් මෙම මීට පෙර premium smartphones හැකියාව සංයුත්ත කරන්නට වන බවටයි බලාපොරොත්තු පල වෙන්නේ.
iPhone SE වලදී A9 system-on-chip සංයුත්තව පැමිනිය අතර iPhone SE 2020 වලදී iPhone 11’s වලදී මෙන් A13 Bionic chipset එකක් සංයුත්ත කරන්නට කටයුතු කර තිබුනි. හදාරන්නන් යෝජනා කරන්නේ බොහෝ විට iPhone SE 3 වලදී A15 Bionic chip එකක් සමග වඩාත් තරගකාරී වෙළඳ පොලක් වෙතට ආමන්ත්‍රනය කරනු ඇති බවයි.එසේම දැනට පවතින iPhone SE සංස්කරන සමග වන ප්‍රධාන දුර්වලතාවයක් ලෙසට ගැනෙන Night mode නොදැක්වීම අවසන් කරන්නට නව සංස්කරනය සමග කටයුතු කරනු ඇති බවද බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. සමහර හදාරන්නන් පෙන්වා දෙන්නේ තම අත්හදා බැලිම් වලදී පවතින SE සංස්කරන වල බැටරි හැකියාව 9hours තරම් දුර්වල බවයි. ඔවුන් පවසන්නේ iPhone 13 වලදී තරමක විසඳුමක් ගෙන ආවද නව නිකුතුව වඩා හොඳ battery හැකියාවක් ගෙන ඒමට සිදුවනු ඇති බවයි.
Face ID හැකියාව දැනට පවතින SE සංස්කරන වලින් මග හැරී ඇති මුත් iPhone SE 3 සදහා නම් සංයුත්ත කරන්නට සිදුවනු ඇති බවට බලාපොරොත්තු වනවා. දැනට bottom bezel වල වන Touch ID fingerprint sensor වලට අමතරව මෙම පැමිනීම බලාපොරොත්තුවන අතර මේ වන විට එම ආයතනය mask සහිත විටකදී පවා Face ID භාවිතාවට හැකිවන ලෙසට තම තාක්ෂණය දියුනු කර තිබෙනවා.
Pubudu Siriwansa