Microsoft ආයතනය “UpdateAgent” හැඳින්වූවේ trojan එකක් ලෙසටය. 2020 කාලයේදී මේ පිලිබඳව පැහැදිලි කරමින් ඔවුන් පැවසුවේ basic information-stealer එකක් හැටියටය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම UpdateAgent පිලිබන්දව මේ වන විට හඳුන්වන්නට සිදුව ඇත්තේ Adload adware එකක් ද ලෙසටය. එසේම ඔවුන් අනතුරු අගවන්නේ අනාගතයේ මෙම හානිකරය වඩාත් අනතුරු දායක මුහුනුවරක් ගන්නට බෙහෙවින් ඉඩ ඇති බවය. Macs ඉලක්ක වන මෙය macOS controls පසුකරමින් ආක්‍රමනය සදහා දැනට ලැබී ඇති permissions භාවිතාකරන අතර S3 buckets හා Cloudfront on AWS ආශ්‍රිතව ස්ථාපනය අරබන්නට කටයුතු කරන බව කියවේ. Microsoft වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙය .zip සහ .pkg formats වලින් වන බවත් drive-by downloads ලෙසට පැතිරීම වන බවත්ය.
Microsoft පවසන්නේ නිතරම විස්වාසනීය ආකාරයට නැතිනම් trusted sources වලින් download කරන ලෙසටත් latest software security updates වල තම ස්ථාපිතයන් වන බවට වග බලා ගන්න ලෙසට මෙන්ම blocks malicious websites automatically මට්ටමේ බ්‍රවුසරයක් භාවිතා කරන ලෙසත්ය.
Pubudu Siriwansa