Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep Fusion, සහ Portrait Mode සමග single-lens camera system සමන්විතව iPhone SE 2022 පැමිනෙන ඇති අතර expensive models සමග Wide / telephoto හැකියාවන් වන බවට පවසනවා. CPU සහrefreshed camera හැරුනු විට iPhone SE 2020 මොඩලයට සමාන (4.7-inch diagonal / 1334×750 resolution) වන නව නිකුතුව වැඩි බැටරි කාර්යක්ෂමතාවයක් ගෙනෙන බවට පොරොන්ඳු වෙමින් සිටිනවා. මීට අමතරව තොරා ගැනීම සදහා Starlight, Black, Product Red වර්ණ හා 64 GB, 128 GB, / 256 GB ලෙසට storage හැකියාවකින් නව නිකුතුව පැමිනෙන බවට පවසනවා.
Pubudu Siriwansa