iPhone 14 වල නිලවශයෙන් නිවේදනය වීම September 7 සිදුවෙතැයි නොනිල ආරංචි මාර්ග පවසනවා. බොහෝ විට මෙදිනට iPhone 14 පෙල මෙන්ම Apple Watch Series 8 මෙන්ම iOS 16 පැමිනීම සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. මෙම iPhone 14 පෙලෙහි iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 14 Max, iPhone 14 සංස්කරන අඩංගු වන්නට නියමිත අතර September 9 සිට iPhone 14 සදහා pre-orders ලබා ගැනීම සිදුවන්නට නියමිතව තිබෙනවා. iPhone 14 ගැන දැනට වන තොරතුරු පවසන්නේ 6.7-inch screens එකකින් සමන්විතවද ඉන් ඉහල සංස්කරන සදහා 6.7-inch screens වලින්ද සමන්විත වන්නට ඉඩ තිබෙන බව පැවසෙනවා. එසේම iPhone 14 Pro / Pro Max සංස්කරන දියුනු කල බැටරි හැකියාවක් සමග 48-megapixel wide-angle camera එකකින් සමන්විත වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa