Windows, Android මෙන්ම iSO වෙන වෙනම අවකාශ ලෙසට පැවතීම තවදුරටත් වලංගු කාරනාවක් විය නොහැකි බව නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නකි. එනම් තව දුරටත් එක උපාංගයක් මත යැපෙන්නන් මෙන්ම එක් භාවිතාවක් එක් උපාංගයක් මතට පමනක් සීමා වීම ප්‍රායෝගික නොවන බවට පැහැදිලිය. මේ බව වටහා ගන්නා සියළුම ප්‍රධාන පෙලේ මෙහෙයුම් පද්ධති නිකුත් කරන්නන් Unison app එකක් දෙසට කටයුතු කරමින් සිටී. ලොව භාවිතාවන සියළුම එනම් Android, iOS, Windows ආදිය තම මෙහෙයුම් පද්ධති සදහා සර්ව හිතවත් පොදු අවකාශයක් නිර්මාණය කරන්නට කටයුතු කර තිබේ. ප්‍රකට Intel ද නිවේදනය කරන්නේ තම Unison app එක හරහා Android, iOS, Windows සදහා එකිනෙක සම්බන්ද විමක් සූදානම් බවයි. එනම් Windows PC වලට ඔබගේ smartphones සමහර විටක iOS වුවද ගැටළුවකින් තොරව සම්බඳ කරන්නට දැන් හැකි බවයි. Microsoft Store. ඔස්සේ ලබා ගත හැකි මෙම මෘදුකාංගය සමග කටයුතු කරන්නට ඔබගේ ස්මාර්ට් දුරකථනය සදහා Google Play Store / Apple App Store වලින්ද අදාල මෘදුකාංගය ලබා ගත යුතු අතර notifications, browse their photos, send files, receive/send text messages, ආදී කටයුතු සදහා සූදානම් බවත් දැනට එක් වරකට එක් උපාංග අතර සම්බඳ තාවයකට පමනක් සීමා වන බවත් පවසනවා.
Pubudu Siriwansa