HarmonyOS යනු Huawei විසින් තම උපකරණ පෙල ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කල මෙහෙයුම් පද්ධතියයි. මුල් අවධියේ සිටම එය Android වල පිටපතක් ලෙසට නම් කරන්නට උත්සාහ කලද Mr. Wang Chenglu නැතිනම් “Father of HarmonyOS” පැහැදිලි කරන්නේ එය Android හෝ iOS නොවනවා සේම එය single-device operating system එකක්ද නොවන බවයි. එසෙම ඔහු පවසන්නේ එය multiple devices ඉලක්ක කරගනිමින් සැලසුම්ව ඇති එකක් බවයි. එය technical architecture ලෙසට සැලකූ විට දැනට ලොව භාවිතාවන මෙහෙයුම් පද්ධති සදහා නව ආකෘතියක් ‍රැගෙන විත් ඇති බවයි. HarmonyOS ව්‍යාපෘතිය 2014 දී සිට සංවර්ධනය වීම ආරම්භ වූ එකකි.
Pubudu Siriwansa