අවසර පදය යනු අන්තර්ජාලය මත ඉදිවන ඔබගේ අනන්‍යතාවයට වන දොර‍ටුව වන්නේය. එය නිවැරදිව ආරක්ශිත කර තැබීම වැදගත් වන්නේ එබැවිනි. බහුල භාවිතාව තුල තවමත් strong passwords යනු එහි ප්‍රධාන යතුරවේ. යම් දිගු මට්ටමක සංකේත මිශ්‍රනයක් මේ සදහා යොදා ගැනීමෙන් අරමුණු වන්නේ සයිබර් පහර දෙන්නෙකුට පෙර නිගමනයට අපහසු කිරීමය. පොදු වදන් හෝ මිශ්‍රන මෙන්ම පෞද්ගලික යෙදුම් දත්ත මේ සදහා භාවිතා නොකල යුත්තේ ඔබව පහසු ගොදුරක් කරන්නට එය සහය විය හැකි නිසා වෙනි. එසේම එකම අවසර පදය විවිධ තැන් සදහා භවිතා නොකල යුත්තේද එක් අනවසර අවසර පද නිරාවරනයක අගතිය අවම කර ගැනීම සදහාය.කල්පනාවෙන් භාවිතා කරන password managers මෘදුකාංගයක් ඔස්සේ නම් මතක තබා ගත යුතු master passwordඑකක් ඔස්සේ ගිණුම් රාශියක ආරක්ෂිත බව තහවුරු කරගන්නට ඔබට හැකි වනු ඇත.
Multifactor authentication (MFA) වැදගත් වන්නේ එය අවසර පදයට අනතුරුව දෙවන තහවුරුවක් ඉල්ලා සිටීම ඔස්සේ ඔබේ ගිණුම ආරක්ශා කර දෙන්නට කටයුතු කර බැවිනි. මෙය one-time PIN (OTP), facial / fingerprint scan ආදී නෙක ආකාරවලට සිදුවිය හැක. යම් ආකාරයකට ඔබගේ username / password අන්සතු වීමකදි පවා තව දුරටත් ඔබව ආරක්ශා කරන්නට එය සමත් වනු ඇත. කෙසේ වෙතත් හදාරන්නන් SMS-based authentication වල වන SIM swapping වැනි ආකාරවලට සිදුවන පැහැර ගැනීම් උත්සාහයන් ගැන අනතුරු අගවන්නටද අමතක නොකරයි. වරක් හිටපු Twitter CEO වරයෙකුගේ Twitter accoun හැක් වීමකටද මෙම ආකාරය භාවිතා විනි. සුපුරුදු ලෙසට security updates නිතරම තම භාවිතාවයන් යාවත්කාලීන කර තැබීමත්, Phishing ආකාරයේ ව්‍යාජ පෙනී සිටීම් ඔස්සේ තොරතුරු සොරගැනීම් උත්සාහයන් මග හැරීම මෙන්ම කලකට වරක් Back up එකකට යාමහ් වැදගත් බව අමතක නොකල යුතුය.
Pubudu Siriwansa