ඉන්දියාව තම Defence Ministry agency ආශ්‍රිත අන්තර්ජාල ගතවන පරිගණක වලට Windows මෙහෙයුම් පද්ධති වෙනුවට තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වෙතට යන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. The Indian Express වාර්තා කරන්නේ එරට Defence Ministryය විසින් මේ සදහා Ubuntu මත ගොඩ නැගෙන Maya OS එක සංවර්ධනය කරමින් සිටින බවකි. වැඩි දුරටත් කියවෙන්නේ Windows වලට සමාන nterface වලින් යුතුව end-point anti-malware සහ antivirus software වලින් භාවිතාකරන්නා හා අන්තර්ජාලය අතර වඩාත් ආරක්ෂිත බවක් සහිතව මෙම නිමාව සැලසුම් කරමින් සිටින බවකි. ඔවුන්ගේ අත්දැකීම් වලට අනූව Ubuntu වෙතට වන පහර දෙන්නන්ගේ අවධනය windows වලට වඩා අඩුවෙන් පැවතීමත් මේ තීරන සදහා වැදගත්ම සාධකයක් වූ බව දක්වා තිබෙනවා. 2023 අවසාන වන විට මෙම ව්‍යාපෘතිය් අවසන් වන්නට නියමිත බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
Pubudu Siriwansa