Online තොරතුරු අවකාශයේ නැතිනම් වෙබ් අවකාශයේ පැවත්මේ රහසක් වන්නේ වෙළඳ දැන්වීම් කරනයයි. එම ලේයරය ඉවත්කල විට අද පවතින බොහෝ ප්‍රධානම පෙලේ Online සේවාවල් තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකිවෙතැයි සිතිය නොහැක. අනෙක් දෙසින් සැලකිමේදී දැන්වීම් කරනයද වඩාත් වගකිවයුතු කාරනයක් බව අන්තර්ජාලය ඇසුරු කරන බොහෝ දෙනාගේ අදහසයි. මෙහි ප්‍රථිපලයක් ලෙසට Google ආයතනය 2020 දී පවස සිටියේ තමන්වෙත ලැබෙන වෙළඳ පලකිරීම් වල වගකීම දරන ආයතනයන්ගේ අනන්‍යතාවය තහවුරුවීම අවශ්‍ය බවයි. මේ වන විට Google ආයතනය පවසන්නේ තමන් රටවල් 90ක පමන සිටින දැන්වීම් පලකරන්නන් පිලිබඳව තහවුරු කරගැනීමක් සිදුකරගෙන ඇති බවයි.
Google ආයතනය පවසන්නේ 2022ට යෝජිත advertiser pages පහසුව ඔස්සේ මිලියන 30 කට අධික භාවිතාකරන්නන් හටද දැන්වීම් කරුවන්පිලිබඳ සම්බන්දයෙන් වැඩි අදහසක් ලබන්නට හැකිවන්නට නියමිත බවත් ඒ අනූව එම දැන්වීම් ගැන විස්වාසය තැබිම පිලිබඳව වැඩි හැකියාවක් ලැබෙනු ඇති බවයි. ඔවුන් පවසන්නේ මෙම අංගය ඉදිරියේදී ක්‍රමයෙන් මුදාහරින්නට නියමිත බවත් හා එම හැකියාව YouTube හා Search සමග මුසුව භාවිතාකරන්නන් වෙතට පැමිනීම 2022 වන විට සම්පූර්නවීමට නියමිත බවත්ය.
Pubudu Siriwansa