Google පවසන්නේ තම email drafting tool එක Android / iOS සදහාද මුදා හැරෙමින් ඇති බවයි. එය මේ වන විටත් Gmail වල web version සදහා සූදානම්ව පවතිනවා. මේය පසුගිය Google I/O වලදී නිවේදනය වූ Workspace Labs වෙතින් එන generative AI tool ආකාරයේ නිකුතුවක් වන අතර දැනටමත් Gmail වල web version ලෙසට අත්දකින්නට හැකි අංගයක්ද වනවා. භාවිතාකරන්නෙකුට තම ඊමේලයක් ස්වභවික ආකාරයට නිර්මාණය කරගන්නට හා ලබා දී ඇති සැකසුම් ආකාර අතරින් තොරාගන්නට හැකිවන ලෙසට මෙම නිකුතුව පැමින ඇති අතර Google උපදෙස් දෙන්නේ වෘතීය ආකාරයේ භවිතාවක් ලෙසට මෙය නොගත යුතු බවකි. Wordpres වලද මෙම ආකාරයේ හදුන්වාදීමක් පසුගිය කාලයේ සිදුවූ අතර බොහොමයක් සමාන්තර සේවා අතර ජනංප්‍රිය ස්වභාවයේ සේවාවක් ලෙසට දැනටමත් මෙ ආකාරයන් භාවිතා වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa