Google ආයතනය තම self-driving කාරයේ අවසන් නිකුතුවට සූදානම් මට්ටමේ වන බවට නිවේදනය කර සිටිනවා. තම Google+ පි‍ටුවේ දැක්වෙන්නේ වාහනය සම්පූර්න කොට ඇති බවත් ඉදිරි සතියක හෝ දකක කාලයෙන් අනතුරුව Northern California වලදී විවෘත මාවත්වලදී අත්හදා බලන්නට සූදානම් බවටත් පවසා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ තවමත් නෛතික කාරනා කිහිපයක් විසදා ගන්නට වන බවත් තවමත් වන සරල මට්ටමේ bugs කිහිපයන් විසදා අවසානය වන බවටත්ය. සම්පූර්නයෙන්ම මිනිස් මැදිහත් වීමකින් තොරව ක්‍රියාත්මක වීමට සූදානම්ව ඇති මුත් ආරක්ශිත බව සැලකීමේදී තවමත් රියදුරෙකු රියදුරු අසුනෙහි වන්නට නියමිත අතර තවමත් මෙහි වෙළඳ නිකුතුව වෙළඳ පොලට නිකුත්වන දිනය පිලිබදව නිල දැන්වීමක් සිදුව නැත.Google ආයතනය මේ වන විට වසර ගනනාවක් තිස්සේ මෙම ව්‍යාපෘතිය සමග කටයුතු කර ඇති අතර ඔවුනගේ ඉදිරි නිකුතූන් අතර කැපී පෙනෙන අංගයක් බවට මෙම self-driving car පිලිබදව බලාපොරොත්තු තබා තිබෙනවා.