Google අකංඩව තම Search හැකියාව වර්ධනයට කටයුතු කරයි. සමකාලීනව වන ප්‍රවනතාවය වන AI capabilities ඒ මතට ගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන අභියෝගයක් ලෙසට ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. මෙවර Google පවසන්නේ තම සෙවුම් සමග shopping / travel සදහා වන ප්‍රථිඵල දියුනු කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ generative AI experience සමග restaurants, hotels, නැතිනම් tourist attractions වැනි සෙවුම් සදහා දියුනු කිරීම් කරන්නටත් ඒසදහා පාදක කරගන්නා දත්ත අතරට reviews, photos, Business profiles ආදියද යොදාගන්නට තමන් කටයුතු කරන බවකි. මීට අමතරව Search වලදී generative AI භාවිතාව ඔස්සේ සහය ගෙන ප්‍රථිපල වලටම product descriptions, photos, reviews, ratings වැනි දත්ත ගෙනෙන්නටද කටයුතු සලසුම් වෙමින් ඇති අතර ඊට අමතරව මින් ඉදිරියට සෙවුමක් සදහා වන තොරතුරු “copy and paste” වෙනු වට “Add to Sheets” යෙදුමක් ඔස්සේ spreadsheet එකකට එක්කර ගන්නට සහය වීමක් ද හඳුන්වාදීමකට සැරසෙමින් සිටිනවා. තවමත් මෙවා Search Labs මට්ටමේ වන අංග ලෙසට ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa