Google Maps යනු දෛනිකව ලොව පුරා බිලියන ගනනක් භවිතාකරන්නන් වෙතට මිහිමඩලේ නෙක ස්ථාන ගැන බොහොමයක් විස්තර ගෙනෙමින් මහත් සේවයක් කරමින් සිටී. Google ආයතනය කලින් කලට නෙක නවාංගද ගෙනෙමින් මෙම අත්දැකීම් වඩාත් ඵලදායී කරන්නට කටයුතු කරමින් සිටී. එම ආයතනය පවසන්නේ “Immersive Mode” ඔස්සේද AI සහයද සහිතව aerial images ඇසුරින් භාවිතාකරන්නන් හට neighborhood, landmark, restaurant වැනි වඩාත් ආකර්ෂනීය තොරතුරු ගෙනෙන්නට තමන් සූදානම් බවයි. සංචාරකයින්ට වඩාත් ආකර්ෂනීය වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නව අංගය සියළුම උපංග සදහා එන්නට සූදානම් බවත් පලමුව Los Angeles, London, New York, San Francisco, Tokyo, වැනි නගර ආශ්‍රිතව ආරම්භව ක්‍රමයෙන් ලොව පුරා විසිරෙන් සේවාවක් වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa