Google ආයතනය තම Chromebook Pixel නම් high-end notebook නිකුතුව සිදුකරන ලද්දේ වැඩි බලැති උපාංගයක් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති භාවිතකරන්නන් ඉලක්ක කරගෙනය. ඩොලර් 1300ක් මිලැති වූ මෙම නිකුතුව Chrome OS සමග පැමින තිබූ අතර සමහර ප්‍රතිචාර අතර web browser වඩා යමක් නොමැති අධි මිලැති යමක් ලෙසට අර්ථ දැක්විනි. කෙසේ වෙතත් Google ආයතනය එහි දෙවන පරම් පරාවේ නිකුතුවද මේ වන විට නිවේදනය කර සිටිනවා. $999 මිලැතිව නිවේදනය වන මෙම නිකුතුව සතුව
12.85-inch multi-touch LCD with 3:2 aspect ratio at 2560x1700px resolution (identical to the first-gen Pixel)
2.2GHz Intel Core i5 / 2.4GHz Intel Core i7 processor options
8GB / 16GB RAM
32GB / 64GB onboard storage
720p front-facing camera
Backlit keyboard
2 x USB Type-C ports
2 x USB 3.0 ports
SD card slot
Bluetooth 4.0
802.11a/b/g/n/ac Wi-Fi
Up to 12 hours’ battery life
297.7 x 224.6 x 15.3mm; 1.5kg හැකියාවන් පවතින බවටයි නිවේදනය වන්නේ.
USB Type-C ports දෙකකින් සමන්විතව පැමිනෙන මෙය විනාඩි 15ක බල ගැන්වුමක් ඔස්සේ දෙපැයක භාවුතාවට සූදානම් බවටයි පැහැදිලි කරන්නේ. වැඩි බලැති සංස්කරනයක් $1299 ක මිලැතිවද “Ludicrous Speed” නමින් මෙම නිකුතුව සමග වන අතර එය සතු හැකියාව 2.4GHz Core i7, 64GB storage හා 16GB RAM ලෙසට විස්තර කෙරෙනවා. අඩු තොරතුරු ගබඩා හැකියාව විස්තර කෙරෙන්නේ cloud storage වෙතට වැඩි අවදානයක් ලෙබෙන ආකාරයට එය නිර්මාණය වී ඇති නිසා බවයි. සමස්තයක් ලෙසට ආයතනය මෙම නිකුතුව වෙළඳ පොලෙහි කැපී පෙනෙන අනන්‍යතාවයක් බලාපොරොත්තුවෙන බවක් නොපෙන්වන අතර ඉදිරි සංස්කරන සදහා වැඩි බලාපොරොත්තුවක් දක්වන බවටයි පෙනෙන්නට ඇත්තේ.