Fcebook අඩවියේ Graph Search results වලින් Microsoft හි Bing search engine හි ප්‍රථිපල ඉවත් වන සැකසුම් Facebook සදහා වන නවතම යාවත්කාලීන ඔස්සේ පැමින ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. ඒ අනූව Microsoft සෙයුම් ප්‍රථිපල මුසුවීමක් මින් පසු Graph Search වෙතින් දක්නට නොලැබෙනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Facebook ප්‍රකාශකයෙකු තත්වය විස්තර කරන්නේ මින් පසු Graph Search ප්‍රථිපල මිතුරන්ගේ බෙද හදා ගැනීම් වලට පමනක් සීමාවන බවයි. බිලියන 1.3 ක භාවිතාකරන්නන් පිරිසකගෙන් සමන්විත Facebook අඩවිය වෙනුවෙන් එම ප්‍රකාශකයා පැහැදිලි කර සිටියේ Microsoft සමග වන ආයතනෛක මිත්‍රබව ඉදිරියටත් පවතින මුත් තම අඩවියේ ප්‍රධාන අරමුන වන මිතිරන් අතර වඩාත් සබදතාවය යන්නට වැඩි ඉඩක් දෙමින් මෙම තීරනය ගෙන ඇති බවයි. 2007 වසරේදී Facebook වෙතට ආරම්භක ආයෝජනයකින්ද සහය වූ ආයතනයක් ලෙසට Microsoft ආයතනය සැලකෙනවා.
පසුගිය දිනක Facebook නිර්මාතෲ වරයයා පවසා සිටියේ තම අඩවිය trillion ප්‍රමානයක පලකිරීම් දරමින් සමහර සෙයුම් යන්ත්‍ර වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. විචාරකයින් පවසන්නේ සමහර විටක Facebook ආයතනය සෙයුම් යන්ත්‍ර තරගය වෙතට පිවිසෙන්නට අනාගත ඉලක්කයක සිටිනවා විය හැකි බවයි. කෙසේ වෙතත් Bing යාන්ත්‍රය නොව එවන් උත්සාහයකදී Google සෙයුම් යාන්ත්‍රනය ඔවුනගේ සැබෑ තරගකරුවා වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.