Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ ආකාරයට වන පෙර අවස්තාවලදීට වඩා වඩාත් විධිමත්ව සැකසූ අනතුරු ඇගවීම් බ්‍රවුසරය වෙතට පැමින සාමාන්‍යය භාවිතාකරන්නා තුල ඇති කරන විස්වාසනීය භාවය ඔස්සේ එම අනතුරු ඇගවීම සමග වන බාගත කිරීමකට වන බටනය ක්‍රියාත්මක කරවා ගන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම ව්‍යාජ දැන්වීම වෙතට විස්වාසය තබන භාවිතා කරන්නා “Download and Install” බටනය සංක්‍රිය කිරීමෙන් අනතුරුව හානිකර පතුරවන ඔවුනගේ වෙබ් අඩවිය වෙතට යොමු කෙරෙන අතර අවසානයේ බොහෝ විට ඔහුගේ පරිගණකය ලෙහෙසියෙන්ම ආසාධිත බවට පත්කර ගන්නා බවටයි පැහැදිලි කෙරෙන්නේ. සාමාන්‍යයෙන් හදාරන්නන් social engineering ලෙසට හඳුනා ගන්නා මෙම ක්‍රම වේදය ඔස්සේ fear හෝ misleads ආකාරයට තම ඉලක්කය සපුරා ගැනීම සිදුවෙයි. මෙම හානිකරය ඔස්සේ පසුගිය කාලයේ botnet වෙතට පරිගණක ගොදුරු කර ගැනීම, bank account තොරතුරු ලබා ගැනීම වැනි කටයුතු සදාහා භාවිතා වූ බවටයි වාර්ථා වන්නේ.