පසුගියදාක පලවූ නවතම ගනන වාර්ථාවක්ද Facebook වල පැවැත්ම පිලිබදව කුතුහලාත්මක තොරතුරු ගෙනිනි. එම ගනනයන් පැවසුවේ Facebook වල ජනංප්‍රියතාවය අඩුවීමක් පෙන්නුම් කරමින් සිටින බවකි. වැඩි භාවිතාව තුලම ස්වභාවයෙන්ම එන ගැටලුකාරී තත්වයන් නොසැලකුවද වෙළඳ ප්‍රවර්ධනයන් සදහා වැඩි ඉඩක් වෙන්වීම , ආදුනික භාවිතාව තුල පහසුවෙන් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය භාවිතාකරන්නන් හට විවරවීමේ හැකියාව වැනි බොහෝ හේතූන් මේ සදහා කලක් ඇබ්බැහියක ස්වරූපයෙන් වේගයෙන් පැතිර යන මෝස්තරයක පෙනුම ගත් මෙම භාවිතාව වෙතට යොමු වීමේ වේගය වේගයෙන් පහල යමින් තිබෙන බවටයි විචාරනය වන්නේ. Facebook ආයතනය තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව පිලිබදව සැලකිලිමත් වෙමින් privacy check-up toolයක් හඳුන්වා දෙමින් වඩාත් පහසුවෙන් තම පල කිරීම් විවෘතවීම පාලනය කිරීමේ හැකියාව භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට කටයුතු කරන ලදී. ආයතනය පවසන නවතම නිවෙදනයක් හෙලි කරන්නේ භාවිතාකරන්නාගේ තොරතුරු වඩාත් පාලනයට ඔවුන්ට ඉඩ සලසමින් Android ,iOS app ඔස්සේ සිදුවන app usage tracking සදහද දැන් පහසුකමක් ලාබදෙමින් සිටින බවකි.