මෙවර Facebook වල F8 Developer Conference වලදීද පැමිනි නව තොරතුරු අතර කැපී පෙනෙන එකක් ලෙසට වූයේ ව්‍යසන අවස්තාවලදී පිහිටට පැමිනිය හැකි helicopter-drone එකක් ගැනය. අඩි සියගනනක් උඩින් සිටිමින් cellular හෝ WiFi ආකාරයට අන්තර්ජාල සබඳතාවය සපයන්නට හැකි වන ලෙසට මෙම දියුනු කිරීම සිදුව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ electricity බලය tether powers ආකාරයට ලබා දීම ඔස්සේ එක දිගට සති කිහිපයක් වුවත් අහසේ ‍රැ‍ඳෙමින් තම සේවය සපයන්නට මෙම උපකරනයට හැකි බවයි. අදාල ප්‍රදේ ශයේ fiber හා electricity lines ක්‍රියාත්මක වන අවස්ථාවකදී මෙම සේවාව සාර්ථක වනු ඇත.
කෙසේ වෙතත් තවමත් පැය 24 කට වඩා එක දිගට අත්හදා බැලීම් සිදුකර නැති මෙම විසඳුම දැඩි සුලඟ නැතිනම් අකුනු සහිත අවස්ථාවලට ගැලපෙන ලෙසට දියුනු කිරීම ආදි අභියෝග ‍රැසක් සමග තිබෙන අතර 2014 දී Facebook යෝජන කල solar-powered drone විසඳුමද එතරම් සාර්ථක නොවුනද අකංඩ දියුනු කිරීම් ඔස්සේ සර්ථක වීමකට ඇති අවස්ථා පිලිබඳව දැඩි බලපොරොත්තු පල වෙමින් තිබෙනවා.