Facebook ආයතනය තම ආරම්භයේ සිටම දැඩි අවධානයක් දුන් කාරනයක් වූවේ තම සමාජජාලා අවකාශය තුල නිර්මාණය වන profiles වලදී සැබෑ ලෝකයේ අනන්‍යතාවයන් නිරූපනය වන්නට ඉඩ තැබීමය. ක්‍රමයෙන් ආයතනයද පරිණාමය වෙමින් Meta ලෙසට නව භාවිතාවන් සමග පැමින ඇති අතර පසුගියදා පවසා සිටින්නේ තමන්ගේ “real names” ස්ථාවරයෙන් ඉදිරියට විත් භාවිතාකරන්නෙකුට Facebook account එකක් තුල five profiles දක්වා අවස්ථාව දෙන්නට තමන් අත්හදා බලමින් සිටින බවකි. තම primary profile එකෙන් ඉදිරියට යාමේදී අනෙකුත් භාවිතාකරන්නන් හට හානියක් නොවන ආකාරයට හා භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අනන්‍ය තාවය එසේම තිබෙන අතර අවශ්‍ය පරිදි වෘතීය වැනි නෙක ස්වාභාවයටන්ට ගැලපෙන පරිදි ඉදිරියට යන්නට මෙම නව අංගය සමග හැකිවනු ඇත. පෙරදී මෙන්ම මෙහිදීද අවභාවිතාවන්ට අනූව ගිණුම සම්පූර්නයෙන් අක්‍රියවීම දක්වා පියවරද සමගින් වන මෙම නව අංගය මේ වන විට තොරාගත් භාවිතාකරන්නන් සමග අත්හදා බැලෙමින් ඇති බවටයි වාර්ථාවන්නේ.
Pubudu Siriwansa