රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල ජනකොස් වෙතට වඩාත් ධනාත්මකව එය බලපන ආකාරයට එය තම සමාජය මතට පමුනවා ගැනීම බව මැදිහත් මතධාරීන්ගේ අදහසය.
Brazil රජය එලබෙන ඔක්තෝබරයේ මැති වරනයකට සූදානම් වෙමින් සිටින අතර Facebook ආයතනයේ ඉහල බලධාරියෙකුගේ නිවේදනයකින් කිය වෙන්නේ තමන් තම අඩවිය මගින් ව්‍යාජ අදහස් සමාජය මත වපුරන්නට ක්‍රියා කරන ව්‍යාජ ගිනුම් හා පි‍ටු 200 අධික ප්‍රමනයක් දැනටමත් ඉවත්කරන්නට කටයුතු කර ඇති බවකි. පසුගිය සැප්තැම්බරයේ ද රුසියානු මූලිකව ක්‍රියාත්මක වූ හානිකර අඩවි 470ක් පමන අඩපන කරන්නට කටයුතු කර තිබුනි. Facebook ආයතනය පවසන්නේ තමන් මෙසේ ව්‍යාජ හා හානිකර ගිනුම් ඉවත්කිරීමේදී  community reports, machine learning, artificial intelligence ආදී නෙක භාවිතාවන් ප්‍රයෝජනයට ගන්නා බවකි.
– Pubudu Siriwansa