Facebook මත පැතිරෙමින් ඇති නවතම හානිකරයක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙනවා. backdoor trojan එකක ලෙසට ක්‍රියාත්මක වෙමින් දැනටමත් පරිගණක 5000කට අධික ප්‍රමනයකාසාධනයට ලක් කරන්නට මෙම හානිකරය සමත්ව ඇති බවටයි මේ වනවිට වාර්ථා වන්නේ. මෙහි ක්‍රියාත්මක බව ඇරබෙන්නේ malicious tagging scam ලෙසට videoවක් ලෙසට හැගෙන පලකිරීමක් ඇසුරෙන් වන අතර කෙටිකරන ලද වෙබ් ලිපිනයක් ලෙසට goo.gl ලිපිනයක් වෙතට එම වීඩියෝව සම්බන්ද සබඳතාවය අවධිකරන භාවිතාකරන්නා යොමුකරන්නට කටයුතු කෙරේ. සැබවින්ම ඔහුව යොමු වන්නේ වීඩියෝ සහිතවෙබ් අඩවියකට නොවන අතර එම භාවිතාකරන්නාගේ browser හා operating system තොරතුරු විස්ලේෂනය කරමින් Android phones, PC’s, PlayStation consoles, TV sets, smart cars, හෝ media playersලෙසට හඳුනා ගනිමින් එම උපාංගයට අදාල malware වක් වෙතටය. තවත් විටක SMS fraud වෙතට හෝ Windows PC භාවිතාවන්නේනම් “Flash player” බාගත කර ගැනීමක් ලෙසට හඟවමින් SFX file (self-extracting executable archive) බාගත කිරීමකට යොමු කෙරේ. එම ගොනුව තුල වන “install.exe” සංක්‍රියකිරීමකින් අනතුරුව generic backdoor ස්ථාපනයකින් අනතුරුව malicious software බාගත වීමකට අවස්ථාව ලබාදේ. හදාරන්නන් පවසන්නේ තම Facebook පි‍ටුවේ tagged වලට අදාල සැකසුම් වල where permission is required ලෙසට සැකසීම හා හොඳින් ආරක්ශක මෘදුකාංගය ක්‍රියාත්මකව තැබීම ඔස්සේ මෙම ගැටලුවට සාර්ථකව මුහුන දෙන්නට හැකි වනු ඇති බවයි.