Microsoft වෙතින් Edge බ්‍රවුසරය හඳුන්වා දෙන්නට හේතු බොහොමයක් විය. සරලව පවසන්නේ නම් Internet Explora වල සිට වඩාත් නම්‍ය හා අරක්ශිත බ්‍රවුසර භාවිතාවක අවශ්‍යතාවය ඉතා දැඩිව කැපී පෙනෙමින් තිබූ අතර Windows 10 සමග වඩාත් ආකර්ශනීය බ්‍රවුසර භාවිතවක් හොඳින්ම අවශ්‍යව තිබිනි. අවසානයේ Cortana Assist, web annotation , reading mode වැනි නවාංග ද සමග ඉහල ක්‍රියාකාරීත්වයද සාහතික කරමින් Google Chrome වැනි තරග කරුවන් හා සැසදෙන බ්‍රවුසරයක් නිකුත්විනි.
මේ වන විට හදාරන්නන් පෙන්වා දෙන්නේ එම බ්‍රවුසරයේ වන InPrivate browsing පහසුව සමග භාවිතාකරන්නාගේ වෙබ් හැසිරීමේ අතීතය පොරොන්දු වන ආකාරයට ආරක්ශිත නොවන බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ WebCache file වල ඉතිරිවනවා පමනක් නොව පහර දෙන්නෙකුට පහසුවෙන් විවෘත වීමේ හැකියාවද වන බවකි. මේ වන විට Microsoft ආයතනයද මෙම තත්වය ගැන අදහස් පලකොට ඇති අතර ඔවුන් පවසන්නේ තමන් බලාපොරොත්තු වූ තරමේ  InPrivate ක්‍රියාකාරීතයක් දක්නට නොලැබෙන බවත්, තත්වය සමනයට අවශ්‍ය යාවත්කාලීන හැකි ඉක්මනින් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.