මොබයිල් තොරතුරු උපාංග සදහා ප්‍රධානතම ඉලක්ක අවකාශය වන්නේ වඩ වඩාත් පුලුල් ගනන හැකියාවක් ඔස්සේ PC පරිගණක අවකාශය වෙතට පිවිසීමය. Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී පැවති හමුවේදී තම උපාංග වල ඉදිරි ගමන් මග පැහැදිලි කරමින් තම mobile phones ඔස්සේ  Continuum  වැනි ඩෙස්ටොප් හැකියාවන් සංයුත්තවන බවට පැහැදිලි කරන්නට කටයුතු කරන ලදී. ඔවුන්ට අවශ්‍යවූ එක් පැහැදිලි කිරීමක් වූවේ වඩාත් බලවත් වෙමින් ඇති මොබයිල් උපාංගයේ තිරයේ සීමිත බව පහසුවෙන් පසුකරමින් larger screen වෙතට පහසුවෙන් සම්බන්ඳ වෙමින් එය ගෙනෙන Pc හැකියාවන් පහසුවෙන් භුක්ති විඳින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවයි. වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ Phoneය USB connector ඔස්සේ සම්බන්ද වෙමින් Universal Apps සමග පහසුවෙන් desktop layout වෙතට පැමිනෙන්න හැකි වනු ඇති බවය. උදාහරන දක්වමින් Lumia 950 ගොනුවේ දුරකථනයක් සමග PowerPoint හා Word ගොනු  large screen  වෙතට ගෙන Start Menu වැනි භාවිතාවන්ද සමග desktop මට්ටමේ අත්විඳීමක් ගෙනෙන්නට කටයුතු කරන ලදී. තවදුරටත් පැහැදිලි කරමින් connectorයේ වන HDMI output  හැකියාවත් external USB storage සම්බන්ද වීමේ හැකියාවත් පෙන්වා දෙමින් පවසා සිටියේ ජමංගම දුරකථන හැකියාව වේගයෙන්  desktop PC මට්ටම අත්පත්කර ගනිමින් සිටින බවකි.