මෑතකාලීනව Android මෙහෙයුම් පද්ධතිය මොබයිල් මට්ටමේ ප්‍රධානතම අනන්‍යතාව හිමිකර ගත් මෙහෙයුම් පද්ධතිය ලෙසට ස්ථාවර විය. Google සමාගමේ දායකත්වයෙන් දියුනු කිරීමක් ලෙසට පැමිනෙන මෙම නිදහස් මෙහෙයුම් පද්ධති මෘදුකාංගය නිෂ්පාදකයින් වෙතට නොමිළේ භාවිතාකිරීමේ නිදහස ගෙන ආවද සැගවුනු Google අනන්‍යතා සදහා අවස්ථාවක් තබාගෙන ඇති බවටයි පිලි ගැනෙන්නේ.ඒවා අතර Google Play සබදතාවයෙන් තොරව Android devices නොවිකුනන්නට වන එකගතාවය වැනි කරුනුවේ. මේ වන විට තවත් Android සමග කටයුතු කරන ආයතනයක් වන “Cyanogen” තමන්ද “Next Phase of Android” සදහා සූදානම් වෙමින් තිබෙන බවකි. වඩාත් නිදහස් Android භාවිතාවක් ගෙන එන්නට අරමුනු කරගත් ඔවුන්ගේ මෙම ව්‍යාපෘතිය සදහා Microsoft සමාගම ආයෝජනය කරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ.