Cortana යනු Microsoft වල ප්‍රධාන තම අනාගත බලාපොරොත්තුවකි. එය සියලුම ප්‍රධාන පෙලේ ඉදිරිපත්කරන්නන් අතරට Microsoft වෙතින් පැමිනි  ‘personal assistant’ සේවාව වේ. පලමුවෙන් ම එය සංයුත්ත වූවේ ගෙවී ගිය වසරේදී නිකුතුව සිදුවූ  Phone 8.1 සමගය. පසුව වඩාත් පුලුල් ආකාරයට windows 10 සමග එය සංයුත්තව පැමිනි අතර දැනට Android සදහා පෙර සංස්කරනයක්ද iOS සදහා සීමිත පෙර සංස්කරනයක්ද පැමින ඇත. මේ වන විට Cortana’s Notebook වෙතට තවත් නවාංග කිහිපයක් එක් කරන්නට Microsoft සමාගම කටයුතු කර ඇති අතර news, local entertainment, restaurants, travel, reminders සහ තවත් ඒව වන අතර academic interests ඒ අතර වනවා. එහිදී  ‘conference updates’, ‘news updates’ ‘new papers’ ‘field of study’ වැනි අංගයන් එහි වන බවට පැහැදිලි කෙරෙනවා. ආයතනයේ බලාපොරොත්තුව වන්නේ භාවිතාකරන්නන්ගේ අවශ්‍යතාවය අනූව මෙම අංගයන් වැඩි දියුනු කිරිම සිදුවන්නට නියමිත බව වන අතර දැනට එය භාවිතාකරන්නන් වෙතා මුදා හැරෙමින් පවතිනවා.