අන්තර්ජාලය හුදු තොරතුරු ඔබ මොබ ගලා යන්නට භාවිතාවන අවකාශයක් නම් පලමු පෙල නිර්වචනය ක්‍රමයෙන් දෙවන පෙල නිර්වචනයක් වීම ඇරබී තිබීම බහුල අත්දැකීමක් වෙමින් ඇත. වඩාත් ලාබය සදහා එහි වූ සමහර ස්වභවයන් ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ. නැතිනම් වෙනස් වෙමින් තිබේ. Cookies යනු මේ සදහා පැමින ඇති එක් භාවිතාවකි. තවමත් භාවිතාකරන්නාගේ අවසරයක් සහිතව ඔවුනගේ පරිගණකයේ බ්‍රවුසරය තුල තැන්පත්වෙමින් තම භාවිතාව ගැන තොරතුරු ගබඩා කරගැනීම හා අවශ්‍ය විටකදී තම ස්වාමියා නැතිනම් අදාල ආයතනය වෙත ලබා දීම එහි මූලික සරල නිර්වචනය ලෙසට පැහැදිලි කෙරේ. කෙසේ නමුත් මෙම Cookies තැන්පත් වීමේදී හා එමගින් තම මවු ආයතනය වෙත තොරතුරු ලබා ගැනීමේ සීමාවල් පැහැදිලි කරන්නට නැතිනම් භාවිතාකරන්නාගේ අවසරය ලබා ගැනීම පිලිගත් නීතියක් ලෙසට වේ.
පසුගියදා French වෙතින් කියවුනේ Google හා Facebook ආයතන ද්විත්වයෙන් 210m euros (£175m) දඩයක් නියම කරන්නට එරට නිති යාන්ත්‍රනයක් තීර්නය කර ඇත්තේ ඉහත කී cookies වල අවභාවිතාවක් නිසා වෙනි. තත්වය පැහැදිලි කෙරෙන්නේ අදාල ආයතනවල සේවය ලබා ගැනීමේදී ඔවුන්ගේ cookies බ්‍රවුසරයන් මත තැන්පත් කිරීම සදහා අදාල අවසරය භාවිතාකරන්නන්ගෙන් ලබා ගැනීමේදී ඉලා සිටින අවසරය සදහා එකග වීමට පැහැදිලි අවස්ථාවක් ලබා දුන්නද එය ප්‍රතික්ෂේප කරන්නට ප්‍රමානවත් අවස්ථාවක් ලබා නොදීමේ චොදනාව මතය. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම online trackers ප්‍රතික්ෂේප කරන්නට සාපේක්ෂව දුෂ්කරබවක් භාවිතාකරන්නා වෙත ලබා දීම වරදක් බවත් සරලව සමාන අවස්ථා ලබාදීම වගකීමක් බවත්ය.
Pubudu Siriwansa