Microsoft Edge වෙතට පසුගියදා වැඩි අවධානයක් යොමුවූවේ තම බ්‍රවුසරය සමග memory / energy-saving බවක් ගෙනෙන්නට කටයුතු කරන බවට කරන ලද පැහැදිලි කිරීමත් සමගය. මේ වන විට Google සමාගමද නිවේදනය කරන්නේ තම Chrome බ්‍රවුසරය සමගද දියුනු කිරීම් රාශියක් වන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම desktop සංස්කරනයේදී 40%ක memory ඉතිරියක් සිදුවන බවත් එහිදී inactive pages වලට freeze කිරීමක් ඔස්සේ මෙම ඉතිරිය ලබා ගන්නා බවතෙම ඉතිරිය වඩාත් තීරනාත්මක අවශ්‍යත සදහා යොමුකර ගත හැකි බවත් පැහැදිලි කර සිටිනවා. එසේම මෙම Energy Saver බව ස්වංක්‍රීයව උපකරණයේ බැටරි බලය 20% වන විට සංක්‍රියවීමට නියමිත බවටත් ඔවුන් පවසනවා. එසේම මෙම Memory / Energy Savers බව සමග කටයුතු කිරීම customization හැකියාවක් ඔස්සේ භාවිතාකරන්නා හට වඩාත් අවස්ථාවක් ගෙනෙන්නට නියමිත බවටත් පැහැදිලි කරනවා. ඉදිරි සති කිහිපයතුලදී මෙම අංගය Windows, macOS සියළු භාවිතාවන් සදහා Google Chrome ඔස්සේ ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa