Android යනු ලොවපුරා 3billion devices වලට සක්‍රිය බව ගෙනෙන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වේ. එය ලොව ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වන Samsung, LG මෙන්ම Sony වැනි smartphones වලට භාවිතවන එකකි. බහුල භාවිතාව ඉලක්කවීම සාමාන්‍ය කරුනක් වන බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. Android devices ඉලක්ක වන BRATA යනු banking trojan එකක් ලෙසට ගැනෙන අතර පසුගිය නොවැම්බරයේ සිට පැමිනෙන මෙහි නව සංස්කරනයක් සමග උපකරනය සතු සියලුම දත්ත මකා දැමීම නොහොත් wipe device මෙන්ම tracking devices via GPS වැනි හානිකර හැකියා වන්ගෙන් සංයුත්ත බවට පැහැදිලි කෙරේ. Remote access trojan (RAT) ලෙසට හැසිරෙමින් ඔබගේ banks සහ financial institutions තොරතුරු පැහැර ගන්නා මෙය downloader එක හරහා ස්ථාපනය වීම ඔස්සේ antivirus (AV) solutions මගහරින්නට සමත් වන බව පැහැදිලි කෙරෙනවා. දැනට Italy, Latin America, Poland, United Kingdom වැනි රටවල් වල සක්‍රියව පවතින මෙම හානිකරය January 2019 වල Kaspersky ආයතනය හඳුනාගත් හානිකරයක් ලෙසට නම් වනවා. මෙයින් වැලකෙන්නට දෙන උපදෙස් අතර Google Play Store වලින් පමනක් Apps බාගත කර ගන්න වග බලා ගැනීමත් ආරක්ෂක මෘදුකාංගයක් භාවිතා කිරීමත් මෙන්ම ස්ථාපනය කරගන්නා APPS සදහා ඉල්ලා සිටින permission ගැන සැලකීමත් වැදගත් වනවා.
Pubudu Siriwansa