පරිගණක උපාංග අතර සබඳතා අවකාශයේ බහුලතම භාවිතාවක් ලෙසට Blutooth හඳුනා ගැනේ. සමිප උපංග අතර පහසුවෙන් දත්ත හුවමාරු කිරීමේදි මෙම තාක්ශනය ලබා දෙන්නේ මහත් සේවාවකි. මේ වන විට මෙම තාක්ශනයේ මීලග සංස්කරනය නිවේදනය වන්නට සූදානම් බවටයි තොරතුරු හෙලිවන්නේ. පැමිනෙමින් ඇති Internet of Things revolution යුගය සදහා වඩාත් සුදුසු වන්නට ඉලක්ක කර ගනිමින් නිර්මානය වී ඇති නව ප්‍රමිතීන් සමග පැවතියාට වඩා හතර ගුනයක අවකාශයකදී සම්බන්ද වීමට හැකියාව ‍රැගෙන, දත්ත හුවමාරු වේගය දෙගුනයක් වෙමින් මෙන්ම අට ගුනයක වැඩි දත්ත ප්‍රමානයක් හුවමාරු හැකියාවක් මෙම නව 5.0 Bluetooth සංස්කරනය ‍රැගෙන එන්නට සූදානම් බවටයි හෙලි වන්නේ. නිවැසක නැතිඅම් යම් ගොඩ නැගිල්ලක වන IoT devices වලට වඩාත් ස්ථාවරව සබඳතාවය ගොඩ නගා ගන්නටත් පවත්වාගෙන යන්නටත් සහය වෙමින් පැමිනෙන නව සංස්කරනය 2017 වසරේ මුල් භාගයේ පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.