හදාරන්නන් පෙන්වා දෙන්නේ නිසිපරිදි යවත්කාලීන නොවන BIOS ඔස්සේ ඉතා පහසුවෙන් පහර දෙන්නන් පරිගණක පද්ධති වෙතට පිවිසීම සිදුකරමින් සිටින බවයි. මෑතකදී “How many million BIOSes would you like to infect?” නමින් සිදුකල හමුවකදී ඔවුන් පැහැදිලි කර සිටියේ ඉතා ප්‍රාථමික මට්ටමේ භාවිතා කරන්නෙකුට පවා මෙම පහරදීම් ඔස්සේ පද්ධති වෙතට පිවිසීම, ඒවා සම්පූර්නයෙන් අක්‍රියකර දැමීම වැනි උත්සාහයන්ට දොර විවෘතව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ විනාඩි දෙකක් වැනි සුලු කාලයක් තුලදී ආසාධිත පරිගණකයක් ඔස්සේ USB stick එකක් සමග තොරතුරු ලබා ගැනීම ඉතා සරල කටයුත්තකව ඇති බවයි. බොහෝ පිරිස් අතින් BIOS security යන්න අමතකව ඇති කාරනයක් වන බවත් Lenovo, Dell. HP වැනි ආයතන කිහිපයක් හැරුනු විට නිෂ්පාදකයින් අතින්ද මේ පිලිබදව නිසි අවධානය ගිලිහි ඇති බවත් ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරන ලදී.