බැටරියේ හැකියා සීමාව මොබයිල් භාවිතාකරන්නන් අතර හිසරදයක් වන තරමට සීමාවක් ගෙනෙන්නෙකි. වඩාත් බැටරි හැකියාවක් සහිත Smart Phone එකක් මේ සදහා වන එක් විසඳුමක් වන අතර තවත් විසඳුමක් වන්නේ battery sharing toolය ලෙසටද හඳුන්වන්නට හැක. එනම් wireless charging technology ය සහිත දුරකථන අතර ද Wireless power sharing බටනයක් සක්‍රිය කිරීම ඔස්සේ කර ගත හැකි බල හුවමාරුවකි. Samsung phone වල 2019 සිට S10 series වල සිට මෙම හැකියාව හඳුන්වා දුන් අතර Huawei වලදී reverse wireless charging ලෙසට මෙම හැකියාව 2018 දී Mate 20 Pro වලට හඳුන්වා දෙන්නට කටයුතු කරන ලදී. මෙම හැකියාවන් සහිත දුරකථ්යන දෙකක් අවශ්‍ය සංක්‍රිය කිරීමකින් අනතුරුව පසු පස දෙපස එකිනෙක මත තැබීමෙන් වැඩි charging ඇති දුරකථනයේ සිට අනෙක් දුරකථනය වෙත wireless charging ඔස්සේ මෙම බල හුවමාරුව සිදුකරගන්නට හැකි අතර එය wired charging තරම් කාර්යක්ෂම එකක් නොවුනද emergencies වලදී සාර්ථක විඅඳුමක් ලෙසට සැලකිය හැකියි.
Pubudu Siriwansa