Apple ආයතනය වෙතට චෝදනා කරමින් ඔවුන් පවසන්නේ 2007-2009 කාලය තුලදී iPod භාවිතාකරන්නන් Apple නොවන තරග කරුවන්ගෙන් download කරන ගීත තම iTunes library මතට sync කරන්නට උත්සාහ කිරීමේදී error message ලබා දෙමින් උපාංගය නැවත factory settings වෙතට ගෙන යන්නට උපදෙස් දෙන අතර භාවිතාකරන්නා ඒ උපදෙස් පිලිපැදීමේ පෙර කී ගීත මැකීයාම සිදුවුනු බවයි. ආයතනයේ විස්වාසනීය බව විමසමින් නීතිය වෙතට පිවිසෙන එම චෝදනා වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මේ පිලිබදව ආයතනයන් විමසූ විටදී තමන් තම භාවිතාකරන්නන් සු‍රැකීමට කටයුතු කරන බවට පවසන මුත් තත්වය වැඩි දුරටත් පැහැදිලි කිරීම මග හරින්නට කටයුතු කරන බවකි. චෝදනා කරන්නන් පවසන්නේ ආයතනය “We don’t need to give users too much information […] We don’t want to confuse users.” ලෙසට පවසමින් පිලිතුරක් ලබා දීමට කටයුතු කල බවකි. පැමිනිලි කරුවන් නීතියෙන් ඉල්ලා සිටින්නේ ඩොලර් මිලියන 350ක් තමන් වෙතට ලබා දෙන්නට Apple ආයතනය වෙතට නියම කරන ලෙසටයි.