Apple ආයතනය තම Apple Watch නිකුතුව මුලින්ම නිවේදනය කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බරයේ වන අතර Tim Coo පසුගිය දින වල පැවසුවේ එහි වෙළඳ පොලට නිකුත්වීම එලබෙන අප්‍රේල් වල සිදුවන්නට නියමිත බවකි. මේ වන විට හෙලි වන කරුනු අනූව Apple ආයතනය නිවෙදනය කරන ලද මුල් ආකෘතියේ නිකුතුව පිලිබද ආකාර කිහිපයකම ගැටලු හමුවෙමින් ඇති බවකි. ආයතනය මෙම නිකුතුව නිවේදනය කරමින් පැවසුවේ එහි වන බොහොමයක් sensors ඔස්සේ ඉහලම මට්ටමකක health tracking හැකියාවක් භාවිතාකරන්නා හට ගෙනෙන්නට හැකි වනු ඇති බව මුත් Apple ආයතනය බලාපොරොත්තුවන ප්‍රමිතීන් සපුරා ලන්නට නොහැකි වන sensors නිසා ගැටලු පැන නගිමින් ඇති බවකි. උදා හරනයක ලෙසට පැහැදිලි කෙරෙන්නේ stress හා blood pressure පිලිබදව තොරතුරු ‍රැස් කරන sensors වල ගැටලු කාරී බව හේතුකොට ගෙන සමහර අංගයන් ඉවත්කිරීමකට ඉඩ මතුවෙන් ඇති බවකි. තම නිකුතූන්ගේ ඉහල ප්‍රමිතියක් නිතරම බලාපොරොත්තුවන Apple ආයතනය මේ සදහා දක්වන ප්‍රථිචාරය පිලිබදව හාදාරන්නන් උනන්දුවෙන් සිටින බවටයි හෙලි වන්නේ.