Apple ආයතනය තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර එය iPhone 11 නිකුතුවට සමාන්තරව iPhone 8 මෝස්තරයට කිට්‍ටු ආකාරයට මුත් components අතින් ඊට ඉහල මට්ටමකින් නිමවා නිකුත් කරන ලදී. මේ වන විට ඔවුනගේ iPhone SE වල මීලග සංස්කරනයක් පිලිබඳව මෙන්ම Apple ලාගේ මීලග නිකුතුව එය වන්නට වන ඉඩ කඩ පිලිබඳව කථා බහ සිදුවෙමින් ඇත. පසුගිය January වන විට එහි නිෂ්පාදන කටයුතු ඇරබුන බවත් ඔවුන්ගේ සුපුරුදු නව iPhone models නිකුත් කරන September වලින් පිට එනම් March / April වලදී සිදුවන්නට කටයුතු යෙදෙමින් ඇති බවට තොරතුරු හෙලි වෙන ලදී. බොහෝ විට online හමුවක දී සිදුවන්නට නියමිත මෙම නිකුතුව සමග 4.7-inch display හා Touch ID button වලින් සමන්විතව නමුත් ඉහල තාක්ෂණික දෘඩාංග වලින් ස්මන්විතව 5G හැකියාවද සමග එනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙමින් ඇත,
Pubudu Siriwansa