තව දුරටත් අන්තර්ජාලය දෑ download කරන්නට ඉඩසලසන යුගය පසුකර ක්‍රමයෙන්  streaming යුගය වෙතට පිවිසෙමින් ඇති බව සනාත කරවන පුවතක් apple වෙතින් වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය වසරේ ජූනි මාසයේ ආරම්භකරන ලද Apple Music වෙතට මුදල්ගෙවා සේවාව ලබන මට්ටමේ 10 million subscribers ප්‍රමනයක් එකව ඇති බවටයි පැහැදිලි කරන්නේ. දියත්කර මාස හයකට ආසන්න කාලයකදී මෙම අවධානය දිනා ගන්නට ඔවුන් සමත්වූ අතර Spotify වෙතට මෙම සංක්‍යාව ආසන්න කරන්නට වසර කිහිපයක් ගතවූ බවටයි වාර්ථා වෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ download ප්‍රියතාවය මීට සාපේක්ෂව වේගයෙන් පහල බසිමින් තිබෙන බවයි. සමස්ථයක් ලෙසට සැලකීමේදී music consumption වලදී streaming ආකාරය වේගයෙන් ඉහල යමින් ඇති අතර Spotify හා Apple Music  මේවා අතර ඉහලින්ම වන app ලෙසට පිලිගැනෙනවා.