Apple ආයතනය පසුගිය කාලයේ AirTags හඳුන්වා දෙමින් පැවසුවේ ඔබ සමග ඔබ මොබ යන උපාංග වල අස්ථාන ගත වීමකදී එය මනා ස්මාර්ට් සහයක් ගෙනෙන්නට සූදානම් බවකි. එය ඔබගේ keys, backpacks, wallets වැනි භාවිතාවන්ට භෞතිකව සම්බන්දව සිටිමින් පෙර කී හදිස්සී අවස්ථාවකදී සහයට එන්නට සූදානම් උපාංගයක් වෙනු ඇති බවකි. කෙසේ වෙතත් පසුගියදා United States පුරවැසි කාන්තාවක් දෙදෙනෙකු Apple ආයතනයට එරෙහිව නිතිමය කටයුත්තකට පිවිස ඇත්තේ මෙම AirTag ඔස්සේ තමන් අනවසර ලුහුබැඳීමකට ලක්ව ඇති බවට හා එවන් අවස්ථාවලින් තමන් ආරක්ශා කරන්නට එම ආයතනය අසමත්ව ඇති බව පවසමිනි. එක් අවස්ථාවකදී සමුගත් පෙම්වතා විසින් තම වාහනයට සම්බඳ කොට තිබූ AirTags එකක් ඔස්සේ මෙම ලුහුබැඳීමකට ඇයව ලක්කර තිබූ අතර දෙවන අවස්ථාවේදී වෙන්ව සිටින ස්වාමියා විසින් දරුවකුගේ backpack එකකට සවිකර තිබූ AirTag එකක් ඔස්සේ තමන් අනවසර ලුහුබැඳීමකට ලක් කර ඇති බවට චෝදනා කර තිබිනි.
Pubudu Siriwansa