Google පවසන්නේ Android වල Chrome භාවිතයේදී Safe Browsing සහතික කිරීම සදහා එන ‘red alert’ එක පිලිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව security settings සමග එන “The site ahead contains malware.” වැනි pop-up භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව සදහා ඉතා වැදගත් බවයි. එවන් අනතුරු ඇගවීමක් ඉදිරියේ තව දුරටත් එම වෙබ් අඩවිය තුල clicking එකකට නොයෑම hacker අපරාධකරුවෙකුට විවර නොවීමක් වනු ඇති බවයි. Google පවසන්නේ මේ සුරක්ෂිත කිරීම ඔස්සේ dangerous websites වලින් මෙන්ම malicious files වලින් ඔබව ආරක්ෂා කරනු ඇති බවයි.
මෙම Safe Browsing settings සදහා පිවිසෙන්නට ඔබේ Android device වල Google Chrome app වෙතට පිවිස ඉහලින් ඇති three dots වලින් පිවිස Settings (cogwheel) වෙතට පිවිසිය යුතු බවත් අනතුරුව Privacy and Security > Safe Browsing වල වන අවස්ථා තුනක් එනම් No Protection නැතිනම් Safe Browsing සම්පූනයෙන් අක්‍රිය කිරීමත් Standard Protection ඔස්සේ අනතුරුදායක වෙබ් අඩවි හා බාගතකිරීම් පිලිබඳව අනතුරු ඇගවීමත් Enhanced Protection ඉහලම අවධානයකින් ආරක්ෂාව සැලසීමත් වන්නට නියමිත බවයි. සමස්ථයක් ලෙසට මෙම ආරක්ෂක විධාන ඔස්සේ risky sites, downloads, මෙන්ම leaked passwords ගැන ඔබට අනතුරු ඇගවීම් ලැබීම සිදුවන බවටයි ගූගල් පවසන්නේ. මීට අමතරව auto-sleep සංක්‍රියව තැබීම ඔස්සේ ඔබගේ ප්‍රමාදයක් ඔස්සේ අනවශ්‍ය අයෙකුට ඔබ device එක වෙතට පිවිසෙන්නට නොහැකි කිරීමත් fingerprint / faceඔස්සේ උපකරණය වෙතට පිවීම ආරක්ෂාකිරීම මෙන්ම සංකීර්න අවසර පද භාවිතාව ඔස්සේ පහර දෙන්නෙකුට ඔබගේ අවසර පදය නිගමනය කිරිම අපහසු කිරීමත් වැදගත් වනු ඇති බවට මතක් කර සිටිනවා.
Pubudu Siriwansa