GOOGLE පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome වල වේගවත් භාවිතයක් සදහා වන මෙම සැකසුම ඔස්සේ cookies භාවිතවක් සමගින් සිදුවනවා. අනෙක වන්නේ Do Not Track පහසුඅ වන අතර සැම විටම ඵලදායී නොවුනද privacy online සදහා මෙය සහය වන සැකසුමක් වනවා. එහි වන තවත් ආකාරයක් වන්නේ Clear Browsing Data යන්නය. මෙහිදී තොරාගන්නා කාල පරාසයක් සදහා හෝ සමස්ථ browsing data මකා දමන්නට ඔබට හැකි වනවා. බ්‍රවුසරය සමග කල ක්‍රියාකාරකම් වල අතීතය ඉවත්කොට තබන්නට මෙම ගැකියාව සහය වනු ඇත. Google පවසන්නේ Safe Browsing ඔබට ආරක්ෂිත වෙබ් සැරියක් සදහා සහය වනු ඇති බවය. Dangerous malware වලින් ගැලවී සිටින්නට එය සහය වන අතර හදාරන්නන් එතරම් එකග නොවන තවත් පහසුවක් වන්නේ Access Payment Methods ය. එහිදී ඔබගේ payment info ගබඩා කර තැබෙන අතර අවශය විට පහසුවෙන් අවධිකර ගන්නට හැකි වනවා. කෙසේ වෙතත් හදාරන්නන් නැවත නැවත පවසන්නේ වැදගත්ම ආරක්ෂක පියවර වන්නේ කල්පනාකාරීව කටයුතු කිරීමත් අනවශ්‍ය තොරතුරු වෙබ් අවකාශයට මුදා නොහැරීමත්, අනවශ්‍ය Links අවධි නොකිරීම වැනි දෑ බවද අමතක නොකල යුත්තකි.
Pubudu Siriwansa