Google ආයතනය පවසන්නේ Android 11 සමග පැමිනි permission auto-reset feature නැතිනම් හැකියාව Android 6.0 වල සිට ඉහලට වන සියලුම Android සංස්කරන සමග සංයුත්ත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එලබෙන දෙසැම්බරය වන විට Google Play services සමග මෙම පහසුව පැමිනෙන්නට නියමිත වනවා. මෙම permission auto-reset feature එක සමග සිදුවන්නේ යම් භාවිතාකරන්නෙකු යම් app එකක් සදහා තම උපකරනයේ වන යම් දත්ත භාවිතාවකට අවසර දී ඇති විටකදී එම app එක කිසියම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවන විට ස්වංක්‍රීයව එම අවසරය අවසන්වීමට කටයුතු යෙදෙන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ developers කෙනෙකුට තම app එක සදහා මෙම භාවිතාව අදාල නොකිරීමේ එකගතාවය ඇති කරගැනීමේ තේරීම් අවස්තාවක් ලබා දෙන්නටද හැකි වනු ඇති බවයි. වඩාත් නම්‍ය සුරක්ෂිත බවක් ගෙනෙන මෙම භාවිතාව android වල සියලුම සහය දක්වන උපාංග වෙත පැමිනීම 2022 මාර්තු අවසානය වන විට සම්පූර්න වනු ඇති බවයි.
Pubudu Siriwansa