පලවන නිල නොවන තොරතුරු හෙලි කරන්නේ Google Messages සදහාද emergency SOS වලදී Satellite සහය ලැබෙන්නට නියමිත බවකි. Apple ආයතනය iPhone 14 සමග මේ ආකරයේ emergency services එකක් හඳුන්වා දුන් අතර දැන් Google වලින්ද එම ආකාරයට සමාන සේවාවක් සදහා සූදානම් වෙමින් ඇති බව පැහැදිලි කෙරෙනවා. දැනට මේ සදහා user interface (UI) ආකාරයන් ගැන සමහර හදාරන්නන් තොරතුරු හෙලිකරමින් සිටින අතර Messages app වලට පැමිනෙන මෙවන් සහයක් lifesaver එකක් ලෙසට මහත් සහයක් ඉ‍ටුකරනු ඇති බවටයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ. එනම් cellular connection නොමැති පරිසරයකදී වුවද එය භාවිතාකරන්නන් හට සහයට එනු ඇති බවට කියවෙනවා. බොහෝ විට මෙම satellite connectivity හැකියාව Android 14 වලසිට දෘඩාංගමට්ටමින් නිකුත් වනු ඇති බවටයි දැනට වන බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa