තවදුරටත් දැණුම මතක සෛලමත ටොන් ගනනින් දරාගෙන සිටීම අරුමයක් නොවීම අප පසුකර ඇති තත්වයකි. ඉලේක්ට්‍රොනික කරන ලද දැණුම ටෙරා බයිට් ගනනින් ඔබේ සාක්කුව මත දරාගෙන යන්නට හැකිය. එපමනකුදු නොවේ ගනිතමය හා තාර්කික ආකාරයට එම දැණුම භාවිතකිරීම යාන්ත්‍රිකවීම අප පසුකරමින් සිටින යුගයය. නෙක ආකාරගත් AI භාෂා ටූලයන් මෙම ආකෘති තරගයට ගොඩ නගමින් සිටී. මිහිමත මිනිස් ආධිපත්‍යයේ පදනම දෙදරායමින් තවත් විකල්පයක අවශ්‍යතාවය නිර්මාණය වෙමින් තිබේ.අප තවමත් නොදන්නා වෙනසක් වෙතට බොහෝ හදාරන්නන් වැඩි අවධානයක් යොදවන්නට කැමති වන්නේ මේ නිසා විය යුතුය.
Pubudu Siriwansa