හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ Android 13 ගෙනෙන නවතම ආරක්ෂකාංගයක් වන ‘Restricted setting’ ඉක්මවා යන්නට සමත්ව තිබෙන බවයි. Google ආයතනය තම Android 13 මුදා හැරීම Google Pixel devices වලින් අරම්භ කරනු ලැබුවා. Google ආයතනය මෙම මුදා හැරීමත් සමග පවසා සිටියේ බරපතල ලෙස ආරක්ෂිත බවට අභියෝගකරන Android permissions ලබා ගැනීම ඉහල මට්ටමකින් සීමා කරන්නට තමන් කටයුතු කරන බවයි. AccessibilityService වලින් ලබා ගන්නා අවස්ථාවල් භාවිතා කරමීන් background වලින් ධාවනය වෙමින් හානිකිරීම ඉහල මට්ටමක වන බවට වටාහා ගෙන තිබීම මෙයට හේතු වූවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ නම් Play Store වල පවතිමින් ධණාත්මක සේවයක් ගෙනෙන බවට හගවන විශාල ප්‍රමානයක Apps ඒවායේ installation වලදී risky permissions ලබා ගෙන malicious payloads සක්‍රිය කරවමින් ලොවපුරා මිලියන ගනනක් උපාංග ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම වැනි අවස්ථා සිදුකරමින් සිටින බවට හෙලිවූවා. Google ආයතනය Android 13 සමග මෙම Accessibility Service privileges භාවිතාව සීමාකර දමන්නට කටයුතු කල අතර එය විසින් ඉහල ආරක්ෂිත බවක් ගැන බලාපොරොත්තු වූවද හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම සීමා ඉක්මවා යන්නට කටයුතු කරන බවක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් තම Android උපාංගය වෙතට Apps ස්ථාපනයේදී ඒවා තොරා ගැනීමේදී කලපනකාරී වීමත් ඒවා ස්ථාපනයේදී ඉල්ලා සිටින අවසරයන් ගැන කල්පනාකාරීවීමත් මෙන්ම භාවිතයේදී දක්වන අනවශ්‍ය හැසිරීම් පිලිබඳව අවධිව සිටීමත් වැදගත් වනවා.
Pubudu Siriwansa